spot_img

ගමනක් යන්න ඉන්නවා නම් සැලකිල්ලෙන් – අද හවස කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි!

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විශේෂයෙන්ම පස්වරු 1.00න් පසුව දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මීට අමතරව, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් අද උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.

කාලගුණ වාර්තාවලට අනුව සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල නෞකා දෙකකට ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ අද (18) දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සමුද්‍ර ආරක්ෂක...

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානයෙන් තීරණයක්

ඉරානය අද (18) සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා තැබීමට පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC)...

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

වෙනත් ලිපිRELATED