පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව මේ වන විට ආරම්භ වී ඇත.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ ප්‍රතිසංස්කරණයට ලක්වනුයේ අවුරුදු 60කට පසු වීම විශේෂත්වයකි.
බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ.
ඒ අනුව අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.

