ඊයේ (20) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්වුණා .
මෙම සාකච්ඡාවේ වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේ දී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව කාදිනල් හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා .
එසේම, කතෝලික සභාවේදී මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්වී සිටියා .

