ගෝලීය වශයෙන් මතුව ඇති දැඩි ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පවතින උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල්වල තොග අවසන් වී ඇති බව සදහන්.
ඉල්ලුම ඉහළ යාම නිසා ඉන්ධනහල් රැසක සැපයුම නතර වී ඇති අතර ඇතැම් ස්ථානවල ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇත.
මැදපෙරදිග ඇතුළු ගෝලීය යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ එරට ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු බලධාරීන් වැසියන්ගෙන් ඉල්ලා සිටී.
මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පැවතුණහොත් එහි බලපෑම මීට වඩා දරුණු විය හැකි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අවධාරණය කරයි.
ගෝලීය ආර්ථික සහ දේශපාලනික අර්බුද හමුවේ සංවර්ධිත රටවල් පවා මෙලෙස බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටීම විශේෂත්වයකි.

