spot_img

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන බිලියනපති, ව්‍යවසායක එලොන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ‘අමෙරිකා පක්ෂය’ යන නමින්.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ද්වි-පක්ෂ ක්‍රමයට අභියෝගයක් ලෙස පවසමින්, තමන් අමෙරිකා පක්ෂය පිහිටුවා ගත් බවයි එලොන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි සටහනක් තබමින් පවසා ඇත්තේ.

“අද, අමෙරිකානු පක්ෂය පිහිටුවා ඇත්තේ ඔබට ඔබේ නිදහස නැවත ලබා දීමටයි” ලෙසින් ඔහු එම සටහන තබා තිබෙනවා.

 

ඉකුත් 4 වනදා එලොන් මස්ක් විසින් ද්වි-පක්ෂ ක්‍රමයෙන් නිදහස ලබා ගැනීමට අමෙරිකා පක්ෂය නිර්මාණය කිරීම පිළිබඳ මත විමසුමක් සිදු කරනු ලැබුවා.

එම මත විමසුමට අදාළව මිලියනයකට අධික පරිශීලකයින්ගෙන් 65. 4% ක් නව පක්ෂයක් පිහිටුවීමට පක්ෂව ඡන්දය දී තිබෙනවා.

එහි ප්‍රතිඵලය පිළිබඳ ඔහු සදහන් කළේ

“ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇති. නාස්තිය සහ දූෂණයෙන් රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කළ, අපි ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව ඒක පක්ෂ ක්‍රමයක. අද, අමෙරිකානු පක්ෂය පිහිටුවා ඇත්තේ ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා” බවයි.

කෙසේවෙතත්, එම පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පැහැදිලි නොමැති අතර අමෙරිකාවෙන් පිටත උපත ලැබූ නිසා එහි ජනාධිපති ධුරයට තරඟ කිරීමට නුසුදුසු මස්ක්, එයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වියදම් සහ බදු සහන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මින් පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, X හි සටහනක් තබමින් ඔහු සදහන් කර සිටියේ මෙම වියදම් පනත සම්මත වුවහොත් අමෙරිකානු පක්ෂය පිහිටුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED