spot_img

උත්සව සමයට කලින් බඩු මිල අඩු වෙයි! සහල්, පරිප්පු, සීනි ඇතුළු බඩු ලැයිස්තුව මෙන්න

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් සතොස හරහා අලෙවි කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ වෙළෙඳපොළේ පවතින ඉහළ මිල ගණන් පාලනය කරමින් සාධාරණ මිලකට පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි.

ඒ අනුව පහත දැක්වෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල අඩුකිරීම් ක්‍රියාත්මක වේ

සහල් (සුදු නාඩු සහ සුදු කැකුළු)

පාන් පිටි

පරිප්පු

හාල්මැස්සන්

බී ළූණු

මෙම සහනදායී මිල ගණන් දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා ජනතාවට ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED