ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්රපාතයට පෙරළී ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (04) රාත්රි 9ට පමණ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත තිබෙනවා .
තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ .

