මරදාන ප්රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා .
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසා සිටියා .තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව සඳහන්.
මේ අතර ඊයේ (5) රාත්රී 11.45ට පමණ කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා .
මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කර සිටියා .
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෙලෙස මිය ගිය තරුණයා 26 හැවිරිදි කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි .
වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

