ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික වර්ධනයත් සමඟ ඔහුගේ වත්කම් වේගයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Bloomberg Billionaires Index අනුව, අදානිගේ ශූද්ධ වත්කම් ඩොලර් බිලියන 92.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වසර ගණනාවක් ආසියාවේ ඉහළම ධනවත්යා ලෙස සිටි Mukesh Ambani මේ වනවිට දෙවැනි ස්ථානයට පත්ව තිබේ. අම්බානිගේ වත්කම් ඩොලර් බිලියන 90.8ක් ලෙස සඳහන් වේ.
ලෝක මට්ටමින් බැලූ විට, දෙදෙනාම ධනවත්ම පුද්ගලයින් 20 දෙනා අතර රැඳී සිටින අතර, අදානි 19 වන ස්ථානයත් අම්බානි 20 වන ස්ථානයත් හිමිකරගෙන ඇත.
ඒ අතර, ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස Elon Musk තවමත් පෙරමුණේ පසුවෙයි. ඔහුගේ ශූද්ධ වත්කම ඩොලර් බිලියන 656ක් ලෙස වාර්තා වේ. දෙවැනි ස්ථානයට Larry Page (ඩොලර් බිලියන 286) පත්ව ඇති අතර, තෙවන ස්ථානයට Jeff Bezos (ඩොලර් බිලියන 269) හිමිව ඇත.
මෙම දත්ත අනුව, ලෝකයේ ඉහළම ධනවත් පුද්ගලයින් අතර ප්‍රමුඛත්වය තවදුරටත් ඇමෙරිකානු ව්‍යාපාරිකයන් විසින් දරන බවද පැවසෙනවා.

