spot_img

අප දන්නා සඳ මෙයට වඩා හාත්පසින්ම වෙනස් – ආටෙමිස් අභ්‍යවකාශගාමීන් සඳේ සැඟවුණු පැත්ත හමුවේ මවිත වෙයි

මිනිස් ඉතිහාසයේ කිසිදා නොදුටු සඳේ සැඟවුණු පැත්ත හෙවත් ‘අඳුරු’ පැත්ත, නාසා ආයතනයේ ආටෙමිස් II මෙහෙයුමේ අභ්‍යවකාශගාමීන් විසින් මුල් වරට සියැසින් දැක බලාගෙන තිබෙනවා.

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් මේ වන විට පෘථිවියේ සිට සැතපුම් 180,000කට වැඩි දුරක් ගෙවා හමාරයි.

සඳේ නොපෙනෙන පැත්තට යානය ප්‍රවිෂ්ට වීමත් සමඟම, ඔවුන් පෘථිවියෙන් ලැබෙන රේඩියෝ තරංගවලින් මිදී සම්පූර්ණ නිශ්ශබ්දතාවයකට මුහුණ දී තිබෙනවා.

මෙම ගමනේදී ඔවුන් ලබාගත් අපූරු ඡායාරූපයකින් හෙළි වන්නේ සඳ මත ඇති දැවැන්තම සහ හොඳින්ම ආරක්ෂා වූ ‘ඔරියන්ටේල් ද්‍රෝණිය’ (Orientale Basin) පිළිබඳවයි.

නාසා ආයතනය පවසන්නේ, මිනිස් ඇසකින් සමස්ත ද්‍රෝණියම සෘජුවම දුටු පළමු අවස්ථාව මෙය බවයි.

වසර බිලියන ගණනකට පෙර සිදු වූ දැවැන්ත උල්කාපාත ගැටීමකින් නිර්මාණය වූ මෙම බහුවලයාකාර ආවාටය, අදටත් සඳේ පැරණි ඉතිහාසය නිහඬව පවසමින් පවතිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED