බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටිනවා .
එසේම ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
අද දින දහවල් 12:08 ට අහුන්ගල්ල, ඇල්පිටිය, අමුගොඩ, තවලම, දෙනියාය, ඌරුබොක්ක, ඇඹිලිපිටිය, සූරියවැව, බෙරලිහෙල සහ ගල්කඩුව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

