ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ අවසන් ගෞරව දැක්වීම සඳහා තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබෙනවා .
මේ වනවිට මියගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ දේහයන් නගර ශාලාවට රැගෙනවිත් ඇති බවයි වාර්තා වී ඇත්තේ .
පෙරේදා (04) තංගල්ල ප්රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි වුණා .
මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගිය අතර අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා .

