හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ අද (18) දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් පළ වූ වාර්තා අනුව, එම සන්ධිය හරහා ගමන් කිරීමට පැමිණි යාත්‍රා දෙකක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විස්තරාත්මක තොරතුරු හෝ නිල තහවුරු කිරීම් ප්‍රකාශයට පත් කර නැත.

