spot_img

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත්

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතිනවා .

ඒ කුඨ ලේඛන සකස් කිරීමේ සිද්ධීන් කිහිපයක් මුල්කරගෙනයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා මේවන විට ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වන අතර දැනට ඔහු එහි වාසය කරන බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සුජීව ද සිල්වා කුඨ ලේඛන යොදාගෙන ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන ඇති අතර ඔහු සතුව ජාතික හැඳුනුම්පත් 2ක් පවතින බවත් චෝදනා එල්ල වනවා.

එම ජාතික හැඳුනුම්පත්වලට අදාලව සුජීව ද සිල්වා අවස්ථා දෙකක උපත ලබා තිබෙනවා.

අදාළ හැඳුනුම්පතක මෙම ක්‍රීඩකයා අගෝස්තු මාසයේ උපත ලබා ඇති බව සඳහන් වන අතර අනෙකුත් හැඳුනුම්පතේ ඔක්තෝම්බර් මස උපත ලබා ඇති බව සඳහන්.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් අංක දෙකක් යටතේ අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගෙන තිබෙනවා බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම කුඨ හැඳුනුම්පත් යොදාගෙන ඔහු විසින් විදේශ ගුවන් බලපත්‍ර 2ක් ලබාගෙන ඇති බවට නිරීක්ෂණය වනවා.

ඒ අනුව ඔහු විසින් ලබාගෙන ඇති විදෙස් ගමන් බලපත්‍ර ද ව්‍යාජ වන අතර එම ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් කුඨ ලෙස ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන ඇති බවටයි චෝදනා නැගෙන්නේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී අතර අදාළ තොරතුරු පදනම් කරමින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

අදාළ කුඨ ලේඛන යොදාගෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වා සමාගමක අධ්‍යක්ෂ ධුරය දර ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු ලෙස වෙන වෙනම පෙනී සිත ඇති බව පැවසෙනවා.

එමෙන්ම විදේශ සැටලයිට් නාලිකාවකට අදාලව රුපියල් මිලියන ගණනින් ගෙවීම් පැහැර හැර ඇති බවටත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුජීව ද සිල්වාට එරෙහිව චෝදනා නැගෙනවා.

මෙයට අමතරව ඔහුගේ සහොදරයෙකු වූ සුරින් වෙඩිකාර යන අය විසින් ද කුඨ ලේඛන යොදා ගෙන රුපියල් ලක්ෂ 400ක දේපල වංචාවක් ද සිදුකර ඇති බව වාර්තා වනවා.

අදාල දේපල වංචනික ලෙස පවරා ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා.

සුරින් තරංග වෙඩිකාර යන මෙම පුද්ගලයාද විදේශ ගතව සැඟව ඇති අතර හිටපු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සුජිවද සිල්වා ද විදේශ ගත වෙමින් වසර ගණනාවක් තිස්සේ විශාල වංචාවන් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු වෙමින් පවතින අතර මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා විධිමත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ද යන්න අගතියට පත්වූ පාර්ශවයන් ප්‍රශ්න කර සිටිනවා.

හිටපු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සුජිවද සිල්වා සහ ඔහුගේ සහෝදර සුරින් තරංග වෙඩිකාර විසින් සිදුකර ඇති වංචාවන් සම්න්බධයෙන් මේවන විට කරුණු රැසක් අනාවරණය වී තිබීම විශේෂයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED