මෙම සැකකරු 2025.04.18 වන දින මතුගම පොලිස් වසමේ දොලහේන වත්ත ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසය මහජන සහාය ඉල්ලා සිටිනවා .
මෙම සැකකරු බ්‍රාහ්මණගේ දොන් සනත් රවීන්ද්‍ර නිලංත නැමැති මතුගම පොලිස් වසමේ නො. 78/1, ඉහළකන්ද, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ .
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් සහකාර පොලිස් අධිකාරි මතුගම – 071 8591700, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මතුගම – 071 8591701 යන දුරකතන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

