වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසනවා .
ඔහු මෙම අදහස් පළ කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
“2022 දී පිළිකා රෝගීන් හඳුනා ගනිද්දී එයින් 904ක් තමයි ළමා පිළිකා රෝගීන් හඳුනා ගත්තේ. පසුගිය 15 පුරාම දත්ත බලද්දි පැහැදිලිව පෙන්නුම් කරනවා විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නේ නෑ ළමා පිළිකා. සාමාන්‍යයෙන් 600,700,800 ප්‍රමාණය ඇතුළත තමා තිබුණේ. දැන් 900ක් දක්වා වාර්තා වෙනවා වර්ෂයකට ළමා පිළිකා. ළමා පිළිකා නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වාර්තා කරනවා 2019 දී 200ක් පමණ 2020 ගත්තත් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා සාමාන්‍යයෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් පමණ මරණයට පත් වෙනවා. මේ අතර පවතිනවා සුවකර ගැනීමේ හැකියාව තිබිලා ප්‍රමාද වී වාර්තා වූ රෝගීන්. මේ මරණ තවත් අඩුකර ගන්න පුළුවන්. ඒ වගේම සංකූලතා අඩුකර ගන්න පුළුවන් කල් ඇතුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පැමිණියොත්.”

