වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබුණු අතර එම දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා .
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ඊයේ රාත්‍රී විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවයි .
එහි දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කර සිටියා .

