යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා .
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ .
කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර ඇත.
පොලිසිය සඳහන් කර සිටියේ වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවයි .
වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

