මිත්තණිය සමඟ වැවට දිය නෑමට ගිය පුංචි දැරියකට කිඹුලෙකු පැන ඩැහැගෙන යාමේ අවාසනාවන්ත පුවතක් මරදන්කඩවල, හිනුක්කිරියාව ප්රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම බිහිසුණු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගනේවල්පොල ප්රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි වියේ පසු වූ දැරියක්.
පොලිස් වාර්තාවලට අනුව, ඊයේ (19) දහවල් කාලයේදී මෙම දැරිය සිය මිත්තණිය සමඟ හිනුක්කිරියාව වැවේ දිය නාමින් සිට ඇත.
ඒ මොහොතේ කිසිවෙකුත් නොසිතූ අයුරින් වැවේ සිටි කිඹුලෙකු එකවරම පැන දැරිය ඩැහැගෙන වැව ගැඹුරට ගෙන ගොස් තිබේ.
තමන් ඉදිරිපිටදීම සිය මිනිබිරිය මරු කටට බිලිවන අයුරු දුටු මිත්තණිය දැඩි කම්පනයට පත්ව ඇති බව වාර්තා වේ.
සිද්ධියත් සමඟ වහා ක්රියාත්මක වූ ප්රදේශවාසීන්, පොලිස් නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව වැවට බැස දැරිය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
පිරිස වැව පීරමින් දැරිය සොයද්දී, මිනිස් බලය හමුවේ බියපත් වූ කිඹුලා දැරිය අතහැර දමා පළා ගොස් තිබේ.

