ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් අපවත් වුණා .
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර තුවාල ලැබූ අනෙකුත් භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා .
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ .
කෙසේ වෙතත් අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේලා කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ .
අතර අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින අතර ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේ බව පොලීසිය සඳහන් කර සිටියා .
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා .

