ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය ප්රදේශයෙන් අත්තනගලු ඔයට පැන තරුණියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් වාර්තා වී තිබෙනවා .
අත්තනගලු ඔයේ පාලමෙන් පැන අදාළ තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසා සිටියා .
මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ 21 හැවිරිදි දොරණගොඩ, උඩුගම්පල ප්රදේශයේ පදිංචි තරුණියකි.
සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් පොලීසිය, නාවික හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව තවදුරටත් සිදුකරන බව පොලීසිය පවසා සිටියා .

