
දකුණේ ප්‍රබල දේශපාලන හඬක් වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවූ අතර, ඔහු හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ආදරණීය පියාණන්ය.
ඉකුත් 2008 වසරේ මාතර, ගොඩපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අතරතුර එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මහින්ද විජේසේකර මහතා බරපතල ලෙස තුවාල ලැබීය.
එතැන් සිට වසර 17කට ආසන්න කාලයක් රෝගාතුරව පසුවූ ඒ මහතා, අද උදෑසන සිය දේශපාලන සහ ජීවිත ගමන නිමා කළේය.
වසර 20කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මහින්ද විජේසේකර මහතා, අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.
සිය දේශපාලන දිවිය තුළ ඔහු අමාත්‍ය ධුර රැසක් හොබවමින් රටට සුවිශේෂී සේවාවක් ඉටු කළේය.
දකුණේ දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබූ මහින්ද විජේසේකර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දේශපාලන ලෝකය සහ ප්‍රදේශවාසීන් සිය ශෝකය පළ කර සිටිති.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

