බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව තිබෙනවා .
ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ .
මේ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර සිටියා .
ඒ අනුව විකල්ප මාර්ග,
- මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැකිය .
- රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකිය.
- කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස් සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්රී ජවර්ධනපුර මාර්ගයට පිවිසිය හැකිය .

