spot_img

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමේ නව වැඩපිළිවෙලක්

“සෙයිරි සතිය” නමින් නව වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා . මෙම වැඩසටහන තුලින් රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කෙරෙන අතර එම වැඩපිළිවෙල සැප්තැම්බර් මස පළමු දින සිට 4 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම සතිය තුළ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා .

රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදුකිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත අනතුරුදායක නොවන වටපිටාවක් නිර්මාණය කරදීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ .

ඒ සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා .

එම විශේෂ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ .

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති අතර අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම මෙහිදි සිදුකිරීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED