spot_img

බුදුන් වැඩි මව්බිම නිවන වෙසක් සතිය – මැයි 27 සිට ජුනි 02 දක්වා රටම දහමින් එකලු වෙයි

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වෙසක් මංගල්‍යය වෙනුවෙන් 2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උදාර අනුශාසනා පරිදි, බුද්ධශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව ඇත.

‘අභිත්ථරෙථ කල්‍යාණෙ’ – “පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු” යන උදාර බුදු වදන තේමාව කරගනිමින් මෙවර වෙසක් සමය අර්ථවත් කිරීමට රජය තීරණය කර තිබේ.

පුද්ගල පටු අරමුණුවලින් බැහැරව සමස්ත සමාජයේම අභිවෘද්ධිය උදෙසා ධර්මයේ මඟ පෙන්වීම ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

2570 වන ශ්‍රී බුද්ධ වර්ෂය සැමරීම වෙනුවෙන් 2026 මැයි මස 27 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා කාලය “වෙසක් සතිය” ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සතිය පුරා දිවයිනේ සෑම විහාරස්ථානයක්ම කේන්ද්‍ර කරගනිමින් ශීල සමාදාන, ධර්ම දේශනා සහ ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ අදාළ අමාත්‍යාංශ එක්ව මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජාතික මට්ටමේ පූජෝත්සව රැසක් සංවිධානය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED