spot_img

ප්‍රදේශ කිහිපයක රිය අනතුරු .පාසල් සිසුවියක්ටත් දිවි අහිමි වෙයි

මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ප්‍රයිමුවර් රථයේ ගැටී යතුරුපැදියේ පසු පැදිකාරිය ප්‍රයිමුවර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ .

මෙලෙස මියගොස් ඇත්තේ, නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකි.

මේ අතර වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේදී තල්ලු කරගෙන පැමිණි යතුරුපැදියක් නැවත පණගැන්වීමට යාමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දර පැටවූ ලොරි රථයක ගැටී එම ලොරි රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා .

අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු නැගෙනහිර දුම්මලදෙණිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර තිස්සමහරාමය පොලිස් වසමේ පන්නේගමුව දියබැදිය අතුරු මාර්ගයේ පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී සිදූ වූ අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා තිබෙනවා .

එහිදී ඔහුව තිස්සමහරාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ . මෙලෙස මියගොස් ඇත්තේ, පන්නේගමුව, වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.

මේ අතර කල්පිටිය – පාලවිය මාර්ගයේ සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පාපැදිකරු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කිරීමෙන් අනතුරුව පාපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ .

මෙම අනතුරින් මිය ගිය පුද්ගලයා පාලකුඩාව, තලවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි අයෙකි .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED