මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ප්‍රයිමුවර් රථයේ ගැටී යතුරුපැදියේ පසු පැදිකාරිය ප්‍රයිමුවර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ .
මෙලෙස මියගොස් ඇත්තේ, නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකි.
මේ අතර වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේදී තල්ලු කරගෙන පැමිණි යතුරුපැදියක් නැවත පණගැන්වීමට යාමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දර පැටවූ ලොරි රථයක ගැටී එම ලොරි රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු නැගෙනහිර දුම්මලදෙණිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර තිස්සමහරාමය පොලිස් වසමේ පන්නේගමුව දියබැදිය අතුරු මාර්ගයේ පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී සිදූ වූ අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා තිබෙනවා .
එහිදී ඔහුව තිස්සමහරාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ . මෙලෙස මියගොස් ඇත්තේ, පන්නේගමුව, වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.
මේ අතර කල්පිටිය – පාලවිය මාර්ගයේ සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පාපැදිකරු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කිරීමෙන් අනතුරුව පාපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ .
මෙම අනතුරින් මිය ගිය පුද්ගලයා පාලකුඩාව, තලවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි අයෙකි .

