විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා .

