spot_img

නියඟය උග්‍ර වෙයි – දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා වීමේ ලකුණු

රට තුළ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට (Water Cuts) සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

දැනට සැලසුම් කළ ජල කප්පාදුවක් ක්‍රියාත්මක නොවුණද, පවතින නියඟය දිගටම පැවතුණහොත් දවසේ පැය 24 පුරා ජලය ලබාදීම අසීරු වන බව ඔහු පෙන්වා දෙයි.

අඹතලේ ඇතුළු ප්‍රධාන පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවට මෙතෙක් බාධා මතුව නැත.

එහෙත්, අධික ජල පරිභෝජනය නිසා උස්බිම් ප්‍රදේශවලට ජලය ලැබීමේදී දැනටමත් අඩු පීඩන (Low pressure) තත්ත්වයක් හටගෙන ඇත.

ජල සැපයුම අඩාල වී ඇති ප්‍රදේශ සඳහා මේ වන විටත් බවුසර් රථ යොදා ගනිමින් ජලය බෙදාහැරීමට මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඉදිරි කාලයේදී වැසි බලාපොරොත්තු වන නමුත්, පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් තොරව භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, නාස්තිය අවම කරන ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED