මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) සහ හෙට (24) යන දෙදින තුළ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා .
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් මෙලෙස අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනය කර සිටියා .
ඒ අනුව 2025.08.24 දින
01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දුම්රිය
02. මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව.12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය
අවලංගුව කර ඇති බව සඳහන් .
එසේම 2025.08.24 දින ආරම්භක වෙලාව සංශෝධනය කර ධාවනය කරන දුම්රියන් ලෙස
01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8327 සමුද්‍රදේවී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පැය 1ක් පමණ ප්‍රමාදකර පෙ.ව.06.30 ට ගමන් ආරම්භ කරයි .
02. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8320 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08.50 ට ගමන් කරයි .
මීට අමතරව අද කොළඹ කොටුවෙන් ප.ව.07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිව ඇති බව සඳහන් .

