spot_img

තාක්ෂණික දෝෂය මාරකයක් වෙයි – රුසියානු ගුවන් යානයක් ක්‍රිමියාවට කඩා වැටෙයි!

රුසියාවට අයත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කරමින් තිබියදී හදිසියේම කඩා වැටීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූලික විමර්ශන වාර්තා උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ, යානය පියාසර කරමින් තිබියදී ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම ව්‍යසනයට හේතු වී ඇති බවයි.

යානය බිමට පතිත වීමට පෙර නියමුවන් විසින් එය පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බව ද වාර්තා වේ.

අවාසනාවන්ත ලෙස මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් දිවි බේරා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

මියගිය පිරිස අතර රුසියානු හමුදා නිලධාරීන් සහ සෙබළුන්,යානයේ සේවය කළ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු (06) ද වන බව තහවුරු වී ඇත.

අනතුර සිදුවූ ස්ථානයට රුසියානු ආරක්ෂක අංශ වහාම ළඟා වී ඇති අතර, යානයේ සුන්බුන් අතර තිබී එහි දත්ත පටිගත කරන කළු පෙට්ටිය (Black Box) සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ප්‍රදේශයේ වැසියන් පවසන්නේ යානය කඩා වැටෙන අවස්ථාවේදී විශාල ගිනි ජාලාවක් සහ පිපිරීම් ශබ්දයක් ඇසුණු බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු රජය විසින් නිල මට්ටමේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED