රුසියාවට අයත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් ක්රිමියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කරමින් තිබියදී හදිසියේම කඩා වැටීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මූලික විමර්ශන වාර්තා උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ, යානය පියාසර කරමින් තිබියදී ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම ව්‍යසනයට හේතු වී ඇති බවයි.
යානය බිමට පතිත වීමට පෙර නියමුවන් විසින් එය පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බව ද වාර්තා වේ.
අවාසනාවන්ත ලෙස මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් දිවි බේරා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
මියගිය පිරිස අතර රුසියානු හමුදා නිලධාරීන් සහ සෙබළුන්,යානයේ සේවය කළ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු (06) ද වන බව තහවුරු වී ඇත.
අනතුර සිදුවූ ස්ථානයට රුසියානු ආරක්ෂක අංශ වහාම ළඟා වී ඇති අතර, යානයේ සුන්බුන් අතර තිබී එහි දත්ත පටිගත කරන කළු පෙට්ටිය (Black Box) සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
ප්‍රදේශයේ වැසියන් පවසන්නේ යානය කඩා වැටෙන අවස්ථාවේදී විශාල ගිනි ජාලාවක් සහ පිපිරීම් ශබ්දයක් ඇසුණු බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු රජය විසින් නිල මට්ටමේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

