ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටිනවා .
එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පෙන්වා දෙන්නේ, ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවයි.
ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය බවද ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කර සිටියා .

