spot_img

චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අද

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අද බීජිං අගනුවරදී ආරම්භ වුණා .

ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් මෙලෙස පැමිණ තිබු අතර
රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද මෙම සැමරුමට එක්ව සිටියා .

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේ ප්‍රධානතම හමුදා සැමරුමට සහභාගී වීම සඳහා ඊයේ දින බීජිං වෙත පැමිණ තිබු අතර උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ දියණියද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .

මිනිත්තු 70ක කාලයක් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී චීනයේ අතිනවීන යුද උපකරණ, ගුවන්යානා ආදිය ප්‍රදර්නය කෙරෙනු අතර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයෙහි ප්‍රධාන තේමාව වන්නේ, ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්නයි .

මෙම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදුකර තිබීම විශේෂත්වයක් වුණා .

සංවත්සරය වෙනුවෙන් අද (03) රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED