තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන්හි ඟුරක්ගොඩ, වරාහේන ප්රදේශයේ ගොවි මහතෙකු ඊයේ (3) දහවල් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා .
මෙලෙස ගින්නට හසුව ඇත්තේ හිඟුරක්ගොඩ, බෝගස් හංදිය ප්රදේශයේ පදිංචි තෙදරු පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ .
ගොවි මහතා ඊළඟ කන්නයට සිය කුඹුරු බිම සූදානම් කිරීම සඳහා තම කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු කුඹුර තුළ ඉතිරිව තිබූ පිදුරුවලට හා ඉපනැල්ලට ගිනිතබා තිබෙන අතර එහිදී මේ දිනවල පවත්නා අධික උණුසුම් කාලගුණික තත්ත්වය හා සුළග හේතුවෙන් ගින්න පැතිර ගොස් ඔහු ඊට හසුව තිබෙනවා .
මෙම පුද්ගලයා ගින්නට හසුව සිටින අයුරු ප්රදේශවාසියෙකු දැක ඒ පිළිබදව අනෙකුත් අය දැනුම්වත් කළද ඒ වනවිටත් ඔහු ගින්නට හසුව දරුණු ලෙස තුවාල ලබා මිය ගොස් සිට ඇති බවයි වන්නේ .
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය පොලොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා .

