spot_img

ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ රථවාහන පරීක්ෂාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ රථවාහන දෙසිය තිස් එකක් පරීක්ෂාවට ලක්කර එයින් රථවාහන තිස්තුනකට තහනම් නියෝග නිකුත් කරමින් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා .

බැලුම්මහර , වත්තල මාබෝල හා මිනුවන්ගොඩ යන ස්ථානවලදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය හා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා .

පොදු ප්‍රවාහනයට සම්බන්ධ බස්රථ , පාසල් වෑන් රථ , මෙන්ම බරවාහන අහඹු ලෙස පරීක්ෂා කිරීම මෙහිදී සිදු කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේ රථවාහන 231ක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබී තිබෙනවා .

එයින් වාහන 33ක් ධාවනයෙන් ඉවත් කෙරුනු අතර තවත් වාහන 145කට දින 10ක් ඇතුළත අලුත්වැඩියා කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වන ලෙසටයි නියම කර ඇත්තේ.

එසේම හඳුනාගත් දෝෂ සම්බන්ධයෙන් මෝටර් රථ අලුත්වැඩියාව සහ තහනම් නියෝගවලට අනුව ඒවාට අදාළ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙනවා.

දෝෂ නිවැරදිකර පෙන්වූ පසු එම වාහන නිදහස් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කලන ජයනන්ද මහතා කියා සිටියේ.

මෙවැනි විශේෂ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කිරීමට නියමිතව ඇති අතර රියදුරු බලපත්‍ර නොමැතිව මෙන්ම විවිධ රථවාහන වැරදි සහිතව රිය ධාවනයේ නිරතවූ රියදුරන්ට පොලිසිය දඩ කොළ නිකුත් කරනු ලැබුවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED