ගම්පහ දිස්ත්‍රික්කයේ රථවාහන දෙසිය තිස් එකක් පරීක්ෂාවට ලක්කර එයින් රථවාහන තිස්තුනකට තහනම් නියෝග නිකුත් කරමින් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා .
බැලුම්මහර , වත්තල මාබෝල හා මිනුවන්ගොඩ යන ස්ථානවලදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය හා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා .
පොදු ප්‍රවාහනයට සම්බන්ධ බස්රථ , පාසල් වෑන් රථ , මෙන්ම බරවාහන අහඹු ලෙස පරීක්ෂා කිරීම මෙහිදී සිදු කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේ රථවාහන 231ක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබී තිබෙනවා .
එයින් වාහන 33ක් ධාවනයෙන් ඉවත් කෙරුනු අතර තවත් වාහන 145කට දින 10ක් ඇතුළත අලුත්වැඩියා කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වන ලෙසටයි නියම කර ඇත්තේ.
එසේම හඳුනාගත් දෝෂ සම්බන්ධයෙන් මෝටර් රථ අලුත්වැඩියාව සහ තහනම් නියෝගවලට අනුව ඒවාට අදාළ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙනවා.
දෝෂ නිවැරදිකර පෙන්වූ පසු එම වාහන නිදහස් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කලන ජයනන්ද මහතා කියා සිටියේ.
මෙවැනි විශේෂ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කිරීමට නියමිතව ඇති අතර රියදුරු බලපත්‍ර නොමැතිව මෙන්ම විවිධ රථවාහන වැරදි සහිතව රිය ධාවනයේ නිරතවූ රියදුරන්ට පොලිසිය දඩ කොළ නිකුත් කරනු ලැබුවා .

