spot_img

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනය ලේ විලක් වෙයි: පුද්ගලයින් 254ක් මරුට, දහසකට අධික පිරිසකට තුවාල

ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් මත්තෙන්, ඊශ්‍රායලය ලෙබනනය පුරා එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ (08) දවස පුරා ක්‍රියාත්මක වූ මෙම හමුදා මෙහෙයුම, පසුගිය මාර්තු 02 වැනිදා ලෙබනනය තුළ නව යුධ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලය එල්ල කළ විශාලතම සහ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ.

ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කලාපීය සාමය උදෙසා සති දෙකක තාවකාලික සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු දල්වා තිබූ මොහොතක, බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල වූ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය ලෙබනනය තුළ ක්‍රියාත්මක වන හිස්බුල්ලා විරෝධී මෙහෙයුම් සඳහා අදාළ නොවන බවයි.

ප්‍රහාරවලින් පීඩාවට පත් වූවන් අතර බහුතරයක් සිවිල් වැසියන් වන අතර, පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෙබනනයේ සෞඛ්‍ය පද්ධතිය සහ සහන සේවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

මාර්තු මාසයේ සිට ආරම්භ වූ මෙම යුධමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ලෙබනනය තුළ විශාල මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බව විදේශීය මාධ්‍ය පෙන්වා දෙයි.

මූලාශ්‍ර: අල් ජසීරා (Al Jazeera) ඇසුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED