ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හූති කැරලිකරුවන්ගේ අගමැති වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යේමනයේ සනා අගනුවර සිදු වූ ප්‍රහාරයකින් ඔහු ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මිය ගිය බව හූති කැරලිකරුවන් අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
2024 අගෝස්තු මාසයේ සිට හූති ප්රමුඛ රජයේ අගමැති ලෙස කටයුතු අහමඩ් අල්-රහාවි කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

