ශ්රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා .
ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර ඇති අතර කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණන් මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මහ බැංකුව ප්රකාශ කර ඇත්තේ .
සිය ප්රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ .

