spot_img

“අපට ඔබේ ප්‍රශංසාව පමණක් සෑහේ” – ස්විස් ජාතිකයා පුදුම කළ පොලිස් පරීක්ෂකවරයාගේ අභිමානවත් පිළිතුර – දඹුල්ල පොලිසියේ දක්ෂතාවයට ජාත්‍යන්තරයේ ප්‍රශංසා

“අපට ඔබේ ප්‍රශංසාව පමණක් සෑහේ” – ස්විස් ජාතිකයා පුදුම කළ පොලිස් පරීක්ෂකවරයාගේ අභිමානවත් පිළිතුර – දඹුල්ල පොලිසියේ දක්ෂතාවයට ජාත්‍යන්තරයේ ප්‍රශංසා

ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබමින්, අස්ථානගත වූ ස්විස් ජාතික ගුරුවරයෙකුගේ වටිනා ජංගම දුරකථනය පැය කිහිපයක් ඇතුළත සොයා දීමට දඹුල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

“මගේ ජීවිතය නැවත ලැබුණා හා සමානයි” පවසමින් හැඟීම්බර වූ විදේශිකයාට පොලිසිය දුන් පිළිතුර මේ වන විට මුළු රටේම අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින 28 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ගුරුවරයෙකු වන ජියෑන් මුලර් (Gian Muller), මහනුවර සිට පැමිණි බස් රථයකදී තම වටිනා ඇපල් (Apple) වර්ගයේ දුරකථනය අතපසුවීමකින් අතහැර ගොස් තිබුණි.

දඹුල්ල නගරයේදී තමන් අසරණ වී ඇති බව දැනගත් වහාම ඔහු ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් (46389) යූ. කේ. නිහාල් මහතාට ඒ බව දැනුම් දී ඇත.

වහා ක්‍රියාත්මක වූ සැරයන්වරයා, බස් රථයේ CCTV පද්ධතිය පරීක්ෂා කරන බවට කළ තීරණාත්මක දැනුම් දීමත් සමඟ, මුලින් දුරකථනයක් හමු නොවූ බව පැවසූ බස් සේවකයින් විනාඩි දහයක් ඇතුළත එය පොලිසියට ගෙනැවිත් භාර දීමට කටයුතු කර තිබේ.

තම අධ්‍යාපන කටයුතුවලට අදාළ අතිශය වටිනා දත්ත රැසක් සහිත දුරකථනය නැවත ලැබීමෙන් අමන්දානන්දයට පත් ජියෑන් මුලර්, පොලිසියට ස්තුතිය පළ කරමින් විමසා සිටියේ “මම මේ වෙනුවෙන් පොලිසියට කළ යුත්තේ කුමක්ද?” යන්නයි.

ඔහු එහිදී කිසියම් මුදල්මය තෑග්ගක් හෝ උපකාරයක් කිරීමට සූදානම්ව සිටි බව පෙනෙන්නට තිබුණි.

එහිදී දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ලබාදුන් පිළිතුර අතිශය ආදර්ශමත් විය. “මෙරට වැසියන්ට වගේම විදේශිකයන්ටත් සේවය කරන්න අපි බැඳී ඉන්නවා. ඔබ කරන ඔය ප්‍රශංසාව විතරක්ම අපේ සේවයට සෑහෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොලිසියේ මෙම සුවිශේෂී සහ දක්ෂ සේවාව පිළිබඳව ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවි හරහා ලෝකයටම දැනුම් දෙන බව පවසමින් ස්විස් ජාතිකයා ඉමහත් සතුටින් පිටව ගොස් තිබේ.

“අවංක රාජකාරිය යනු මිල කළ නොහැකි සේවයකි. එක් නිලධාරියෙකුගේ අවංකභාවය රටක සමස්ත ප්‍රතිරූපයම වෙනස් කිරීමට සමත් වේ.”

මෙම පුවත අපට කියා දෙන්නේ ලෝකය ඉදිරියේ අපේ රටේ ගෞරවය රැඳී ඇත්තේ අප ඉටු කරන වගකීම් සහගත සහ මානුෂීය සේවය මත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED