නුවරඑළිය – ගම්පොළ ප්රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬි ඇල්ල ප්රදේශයේදී අද (02) අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අඩි 70ක පමණ ප්රපාතයට පෙරළී තිබේ.
මෙම අවාසනාවන්ත අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
යතුරුපැදි අනතුරකට ලක්ව රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු බැලීමට ගොස් කොත්මලේ තවලන්තැන්න දක්වා ආපසු පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.
අලුයම 1.00ට පමණ රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගත නොහැකි වූ වෑන් රථය, මීට පෙර ලංගම බස් රථයක් අනතුරට පත් වූ සහ නායගිය ස්ථානයට ආසන්නයෙන්ම අඩි 70ක පමණ ප්රපාතයට පෙරළී තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ සිටි හිමිකරුගේ පුත්රයෙකු මහත් පරිශ්රමයකින් ප්රපාතයෙන් ඉහළට විත් ප්රධාන මාර්ගයට පිවිස ඇත.
පසුව එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක් නතර කරවා ගනිමින්, අනතුරට පත්ව සිටි තම මව, පියා සහ අනෙක් පිරිස බේරාගැනීමට ඔහු සමත්ව තිබේ.
කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතාගේ උපදෙස් මත වහාම ක්රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක්, කැබ් රථයේ සහය ඇතිව තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
රථය ධාවනය කර ඇත්තේ එහි හිමිකරු විසින්ම බවත්, නිදිමත පාලනය කරගත නොහැකි වීම අනතුරට ප්රධාන හේතුව බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

