කුලියාපිටිය, මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට ආරක්ෂිත හිස්වැසුමකින් පහරදුන් බවට චෝදනා එල්ල වූ යතුරුපැදිකරුවෙකු කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය–පන්නල මාර්ගයෙන් පැමිණි සැකකරු, කුලියාපිටිය සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් ගත් අනෙක් යතුරුපැදිකරුවෙකුට මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ.
මෙම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක පටිගත වී තිබූ අතර, එම දෘශ්‍ය පදනම් කරගනිමින් සිදුකළ විමර්ශන අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායකගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නලින් මහීපාල ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

