එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය සහිතව ඊයේ (18) නිකුත් කරන ලද ‘2026 ලෝක සතුටු වාර්තාව’ (World Happiness Report 2026) මගින් ශ්‍රී ලාංකිකයන්ට එතරම් සුබදායී නොවන පුවතක් අනාවරණය කර තිබේ.
එම වාර්තාවට අනුව ලොව සතුටින් අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇත.
රටවල් 147ක් යොදාගනිමින් කළ මෙම අධ්‍යයනයේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 134 වැනි ස්ථානයයි.
2025 වසරේ 133 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මෙවර එක් ස්ථානයකින් පසුබෑමට ලක්ව තිබීම විශේෂත්වයකි.
ලකුණු 10න් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 4.0ක් පමණි.
කලාපීය අසල්වැසි රටවල් හා සැසඳීමේදී ද ශ්‍රී ලංකාව පසුවන්නේ ඉතා පසුපසිනි.
පකිස්ථානය සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් පසුවේ.
මෙම දත්ත මගින් මෙරට ජනතාව මුහුණ දෙන ආර්ථික සහ සමාජීය දුෂ්කරතා ජන ජීවිතයේ තෘප්තිමත්භාවයට සෘජුවම බලපා ඇති බව තහවුරු වේ.
මෙවර වාර්තාවේ ප්‍රධානතම අනාවරණය වන්නේ තරුණ පරපුරේ සතුට කෙරෙහි සමාජ මාධ්‍යවලින් එල්ල වන බලපෑමයි.
ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල පවා වයස අවුරුදු 25ට අඩු තරුණයින්ගේ ජීවන තෘප්තිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර, ඒ සඳහා ප්‍රධාන හේතුව අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය බව වාර්තාව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඇතැම් රජයන් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ද පියවර ගනිමින් සිටී.
ලෝක සතුටු දර්ශකයේ පෙරමුණ මෙසේය:
ෆින්ලන්තය (අඛණ්ඩව නවවැනි වරටත් ලොව සතුටින්ම සිටින රට)
අයිස්ලන්තය
ඩෙන්මාර්කය

