නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබෙනවා .
ඔහු එම සිය සටහන මගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස ඉල්ලා තිබෙනවා .එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
එමෙන්ම 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් එම සටහන හරහා ඔහු සඳහන් කර තිබෙනවා .
එරික් සෝල්හයිම් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි .

