spot_img

තරුණයන් දෙදෙනෙක් දිය යට සැඟවෙයි

නාඋල පොලිස් වසමේ බෝවතැන්න ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු 27ක තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

නාඋල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඊයේ (20) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාල තරුණයා වනමැදගම, බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙලෙස බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටියදී අදාළ තරුණයා අනතුරට පත්ව ඇති බවට නාඋල පොලීසිය සඳහන් කර සිටියා .

මේ අතර, ඊයේ (20) අහංගම පොලිස් වසමේ අහංගම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා .

එසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 24ක වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාවික හමුදා නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාඋල පොලීසිය සහ අහංගම පොලීසිය විසින් අතුරුදන් වූ තරුණයින් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED