2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට A ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා .
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ එරට ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ට පසුගිය වසරේ දී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබු අතර මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා .
එසේම පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ සිටි පාකිස්තාන ටෙස්ට් නායක ෂාන් මසූඩ්ට D කාණ්ඩය දක්වා පහත දමා ඇති බවයි සඳහන් වන්නේ .
මේ අතර නඩු කටයුත්තක් හේතුවෙන් වසර 8ක් පමණ මධ්‍යම කොන්ත්‍රාතුව අහිමිවූ ෆකාර් සමාන්ට මෙම වසරේදී B කාණ්ඩයෙන් කොන්ත්‍රාත්ව හිමි වී තිබෙනවා .

