පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා .
ගංවතුර තත්ත්වය හේතුවෙන් 307 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මේ අතර එරට රජයේ කාලගුණික වාර්තාවන් පෙන්වා දී ඇත්තේ එළැඹෙන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවයි .
ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.