spot_img

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා .

සාම ගිවිසුමකට එළැඹීමේ දී භූමිය සම්බන්ධ එකඟතාවකට එළැඹිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවත්, කියුව් මඟින් පාලනය කරන ඩොන්බාස් හි කොටස් යටත් කළ යුතු බවත් රුසියානු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ අතර රුසියානු හමුදා යුක්‍රේන එරෙහිව අඛණ්ඩව ප්‍රහාර දියත් කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කර ඇති බව ද සඳහන්.

ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් හි නැගෙනහිර ප්‍රදේශවලින් සැදුම්ලත් ඩොන්බාස් ප්‍රදේශයේ කොටසක් මේවනවිටත් රුසියානු පාලනට යටත්ව ඇති අතර රුසියාව ලුහාන්ස්ක් සියලු ප්‍රදේශ සහ ඩොනෙට්ස්ක් වලින් 70%ක් පමණ අල්ලාගෙන ඇත.

කෙසේ වෙතත් යුක්‍රේනයේ දේශ සීමා බලහත්කාරයෙන් වෙනස් නොකළ යුතු බව යුරෝපා සංගම් නායකයින් ද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු රෝහලේ

කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර...

වෙනත් ලිපිRELATED