spot_img

පාසල් දරුවන් ගැන ඇසෙන භයානක කතාවක්

සමාජයේ විවිධ හේතූන් මත වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කර සිටියා .

පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව ඇය මාධ්‍ය හමුවට එක වෙමින් කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය.

“2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් තිබ්බා. එතනදී අපේ දරුවන්ගේ දත්ත බැලුවහම 22.4% දරුවෝ තනිකමින් පෙළෙනවා. මේ පාසල් යන අවුරුදු 13 – 17 වයස්වල ළමයි 11.9%ක් කිව්වා රෑට නිදාගන්න අමාරුයි එයාලා. මොනවාහරි දේකට කනස්සල්ලට පත්වෙන නිසා කියලා. 18%ක් විතර විශාදය ලක්ෂණ පෙන්නුම් කරලා තිබුණා. 7.5%කට සමීප මිතුරෝ නෑ. 25%ක් ළමයි කියලා තිබුණා ඒ අයට ඉන්නවා හිතේ තියෙන ගැටලුවක් කතා කරන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ 75%ක දරුවන්ට සමීප කෙනෙක් නෑ. ඉතින් මේ ලංකාවේ මෙහෙම වෙන්න පුළුවන් ද කියලා හිතෙනවා. දැන් දරුවන් ලොකු පීඩනයකින් ඉන්න පුළුවන්. ඒ එක්කම වැඩිහිටියොත් පීඩනයකින් ඉන්න පුළුවන්. එයට නොයෙකුත් සමාජ කාරණා සහ ආතතිය බලපාන්න පුළුවන්.”

“1996 අපි ලෝකයේ දෙවැනි තැනට හිටියේ සියදිවි හානි කරගැනීම අතින්. ලක්ෂයට 47යි. ඒ කාලය ඇතුළත ජනාධිපති කොමිසමත් එක්ක ඒ ගත්ත තීරණ එක්ක සෑහෙන්න පහළ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ලක්ෂයකට 15යි. අවුරුද්දකට 3,500යි. මේ අවුරුදු දෙක තුනේ තාම වැඩි වෙලා නෑ. දවසකට සියදිවි නසා ගැනීම් 8ක් වගේ වෙනවා. මාධ්‍යයට යන්නේ ප්‍රසිද්ධ එකක් විතරයි. තව ගොඩක් සියදිවි හානිකර ගැනීම් වෙනවා. සියදිවි නසා ගැනීම්වල ලොකු වෙනසක් නැති වුණත් මේ ආන්දෝලනාත්මක සියදිවි නසාගැනීම් මේ දිනවල සිදුවුණා. නමුත් මාධ්‍යවලින් ඒ වගේ දේවල් දැන් මුල් කාලයේ වගේ වාර්තා කරන්නේ නෑ. ඒක ලොකු ප්‍රගතියක්.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED